gov lk large

 

පුවත්පත් නිවේදනය

සැහැල්ලු දුම්රිය පද්ධතියක් සඳහා ජපාන රජයෙන් ණය ආධාර

 

දැක්ම2025: පොහොසත් රටක්‘’රජයේ සංවර්ධන ප්‍රතිපත්තියසහබස්නාහිර කලාප මහනගර ප්‍රධාන සැලසුම 2030’’ මගින් යෝජනා කළ පරිදි කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙසකාර්යක්ෂම සහ සුවපහසු මගී ප්‍රවාහන පද්ධතියක් ස්ථාපනය කිරීමට රජය තීරණයකර ඇත. ඒ අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් සපයනු ලබන තාක්ෂණික හා මූල්‍ය පහසුකම් යටතේ කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය2019 වර්ෂයේ දී ආරම්භකිරීමට නියමිතය.

මෙමසැහැල්ලුදුම්රිය පද්ධතිය කොළඹ-කොටුව සිට මාලබේ දක්වා කොන්ක්‍රීට් කුළුණු මත ඉදිවන,කිලෝ මීටර 17 ක් පමණ දිගින් යුක්තදුම්රිය මාර්ගයකින් සහ කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන මංසන්ධි ආවරණය වන පරිදි සැලසුම් කර ඇති දුම්රිය ස්ථාන 16කින් සමන්විතවේ. ව්‍යාපෘතියේ කටයුතු 2026 වසරේදී අවසන් කිරීමට නියමිත අතර මෙම දුම්රිය පද්ධතිය මගින් කොළඹ නගරයට තදාසන්න පරිපාලන කේන්ද්‍රස්ථාන, වාණිජ මධ්‍යස්ථාන හා ඉහල ජන ඝනත්වයකින් යුතු නේවාසික ප්‍රදේශ රැසක් එකිනෙක සම්බන්ධකරනු ලබයි.

යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය යටතේ මගීන් 800 ක් ගමන් කලහැකි වායුසමනය කල මැදිරි 04 කින් සමන්විත දුම්රිය කට්ටල 25ක් සේවයේ යෙදවීමට අපේක්ෂිත අතර කාර්යබහුල අවස්ථාවන්හිදී අවශ්‍යතාව පරිදි සෑම විනාඩි 3 ට වරක් දුම්රියක් ධාවනය කිරීමට හැකියාව ඇති බැවින් මෙමගින්, වඩාත් කාර්යක්ෂම හා සුවපහසු මගී ප්‍රවාහන සේවාවක් ලබාදීමට හැකිවේ.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සමග ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් ව්‍යාපෘතිය සම්බන්ධව සිදුකල මූලික අධ්‍යනයන් මගින් හඳුනාගෙන ඇති පරිදිව්‍යාපෘතියේ මුළු ඇස්තෙම්න්තුගත පිරිවැය ජපන් යෙන් මිලියන 246, 641 ක් වේ. එයින් යෙන් මිලියන 200,415 ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 1800ක් පමණ සහන ණය ආධාර ලෙස JICA මගින්ලබාදෙන අතර එය මෙරට සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙතෙක් ආයෝජනය කරඇති විශාලතම විදේශ ණය මුදල ලෙස වාර්තාගත වී ඇත.

මෙමණයමුදලේ පළමු අදියර ලෙස ජපන් යෙන් මිලියන 30,040 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා වන ණය ගිවිසුම සහ හුවමාරු පත්‍ර අත්සන් කිරීම අද දින, එනම් 2019 මාර්තු 11, මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම්, ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා සහ ජපාන රජය වෙනුවෙන් ජපාන තානාපති අතිගරු අකිරා සුගියමා මහතා සහ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා මහතා විසින් ඉහත ගිවිසුම් අත්සන් තබන ලදී.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

කොළඹ 01

2019.03.11 දින

 

FaLang translation system by Faboba