gov lk large

ප්‍රසම්පාදන දැන්වීමයි

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ රථවාහන සැපයීමේ ප්‍රසම්පාදනය

මුදල් අමාත්‍යාංශය වෙනුවෙන්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් පහත සහන් පරිදි මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ වාහන සැපයීම සහා, යෝග්‍යතා පූර්ණ හා සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු කැවනු ලැබේ.

නියමයන් හා කොන්දේසි

රථවාහන මාදිලිය                      :දෙමුහුන් වර්ගයේ (Hybrid- Sedan/Crossover) මෝටර් කාර් රථ 02ක්

වාහනවල තත්ත්වය                :ලියාපදිංචි නොකළ (නවීනතම වාහන)

එන්ජින් ධාරිතාව                       :1600 cc නොඉක්මවන

යෝග්‍යතා පූර්ණ සැපයුම්කරුවන් :වරලත් වාහන ඒජන්තවරුන්

සැපයිය යුතු සේවා                                 :අවම වශයෙන් වසර 3ක නිෂ්පාදන සමාගම් වගකීම සහ දේශීය

   ඒජන්තවරුන්ගේ අලෙවියෙන් පසු සේවා

 

අභිලාෂී ලංසුකරුවන් හට වැඩිදුර තොරතුරු, 2019.04.05 දින තෙක් රාජකාරී දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා, අධ්‍යක්ෂ (පාලන), විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, තුන් වන මහල, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයෙන් හෝ 011 2484500 / 011 2484600 (දිගු2260/1510/2246) ඇමතීම මගින් ලබා ගත හැකිය. 2019.03.25 දින සිට 2019.04.26දින දක්වා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර, ආපසු නොගෙවනු ලබන රු. 5,000.00 ක මුදලක් සරප් වෙත මුදලින් ගෙවීමෙන් පසු සම්පූර්ණ ලංසු ලියවිලි කට්ටලය ලබා ගත හැකිය.

සියළුම ලංසු 2019.04.29දින ප.ව. 2.00 ට පෙර ලැබෙන සේ, සභාපති, ප්‍රසම්පාදන කමිටුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, තුන් වන මහල, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තුන්වන මහලෙහි පිහිටි පාලන අංශයේ (310 කාමරය) තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ තැන්පත් කිරීමට කටයුතු කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සභාපති

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

තුන්වන මහල,

මහලේකම් කාර්යාලය,

කොළඹ 01

2019.03.22

The Government of Sri Lanka (GOSL) intends to raise a Foreign Currency Term Financing Facility (FTFF) denominated in United State Dollars (USD) or Japanese Yen (JPY) or Euro or their combinations up to a limit of USD 1,000 million or its equivalent in 2018. The FTFF is expected to be raised at a fixed rate or a floating rate, linked to the USD, JPY or Euro 6 Month LIBOR or its successor with a maturity period of 3 years or more.

Click here to view more details >>

FaLang translation system by Faboba