gov lk large

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල ආරක්ෂාව පවත්වාගෙන යාම සහ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරන නෞකාවලට ආරක්ෂාව  සැපයීම  ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ප්‍රධාන කර්තව්‍ය වේ. එම කර්තව්‍ය ඉටු කිරිම සඳහා ශ්‍රී ලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව නෞකා බලඇණියට  අධි තාක්ෂණික නෞකා 2ක් අනුයුක්ත කිරීමට සැලසුම් කරන ඇත.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉන්දියා රජය විසින් ඉන්දියානු අපනයන- ආනයන බැංකුව  මගින් ඇ.ඩො. මිලියන 124ක ණය මුදලක් මෙම ව්‍යාපෘතිය මූල්‍යයනය කිරීම සඳහා ලබා දීමට එකඟ වී ඇත. ඉන්දියාවේ ගෝවා නාවුක තටාකාංගනයේ ඉදිකරන ලද පළමු  අධි තාක්ෂණික නෞකාව 2017 වර්ෂයේ ලබා ගත් අතර දෙවන අධි තාක්ෂණික නෞකාව 2018 මාර්තු 26 දින ශ්‍රී ලංකාවට ලගාවිය.

නොබෝ දිනකින් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම නෞකාව මෙහෙයුම් කටයුතු සඳහා දියත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

FaLang translation system by Faboba