gov lk large

අන්තර් ජාතික සංවර්ධනය  සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් මූල්‍යයනය කිරීමට යෝජිත දෙණියාය සිට රක්වාන දක්වා A017 මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය  A017 මාර්ග කොරිඩෝවෙ හි දෙනියාය සිට රක්වාන දක්වා කොටස ප්‍රතිසංස්කරණය කිරීම ජාතික මාර්ග පද්ධතිය සංවර්ධනයේ දී ඉතා වැදගත් තැනක් ගනී. මෙම  ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ව්‍යාපෘතිය අදියර 02කින් සමන්විත වන අතර පළමු අදියරේ දී සූරියකන්දේ සිට රක්වාන දක්වා (කිලෝ මීටර් 18ක් පමණ) සහ දෙවන අදියරේ දී දෙනියාය සිට සූරියකන්ද දක්වා (කිලෝ මීටර් 35ක්) වේ. තවද, ඉතා සීමිත ප්‍රවාහන සම්බන්ධතා ඇති වැදගත් වෙළද මර්මස්ථානයක් වන සූරියකන්ද  ප්‍රදේශයේ ප්‍රවාහන යටිතල පහසුකම්  වැඩිදියුණු කිරිම මගින් එම ප්‍රදේශයේ පිවිසුම් මාර්ග ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ  ප්‍රධාන අරමුණ වේ. එසේම මෙම ව්‍යාපෘතිය පළමු අදියර යටතේ දකුණු හා සබරගමු පළාත් යා කරමින් කිලෝමීටර් 18ක්  වැඩි දියුණු කිරීමට අපේක්ෂිත අතර එයින් A කාණ්ඩයේ මාර්ග 03 හා B කාණ්ඩයේ මාර්ග 10 සම්බන්ධ කෙරේ.  මේ මගින් මාර්ග ජාල සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම, රථ වාහන මෙහෙයුම් පිරිවැය අවම කිරීම, මාර්ග ධාරිතාවය හා සේවා මට්ටම ඉහළ නැංවීම තුලින් ආර්ථික ක්‍රියාකාරකම්  ඉහළ නැංවීම තුලින් රටෙහි සමස්ත සාමාජීය හා ආර්ථික සංවර්ධනය ලඟා කරගැනීමට දායකත්වය ලබා දේ.  ඉහත තත්වය තුල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇ.ඩො. මිලියන 40.0ක ණය මුදලක් මේ සඳහා ලබා දීමට අන්තර් ජාතික සංවර්ධනය  සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් එකගතාවය පළ කර ඇත. ඇ.ඩො. මිලියන 11.75ක හිඟ මුදල ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත. අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) 1976 එහි ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සංවර්ධන පාර්ශවකරුවෙකු වේ. එම ආයතනය  ශ්‍රී ලංකාව වෙත ණය ආධාර දාහතරක් ලබා දී ඇති අතර, ඉන් දෙකක් ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීමටත් ඉතිරිය  සංවර්ධන ව්‍යාපෘති සඳහාත් ලබා දී ඇත.  

මේ සඳහා වූ ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතාද අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) වෙනුවෙන් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන අරමුදලෙහි(OFID) අධ්‍යක්ෂ ජනරාල් ගරු අබ්දුල්හමීඩ්  අල්කලීෆා  (H.E. Abdulhamid Alkhalifa) මහතාද  2019 ඔක්තෝම්බර් 30වන දින ඔස්ට්‍රියාවේ වියානා නුවර දී  අත්සන් තබන ලදී.

 

 

මුදල්  අමාත්‍යාංශ

කොළඔ 01.

ශ්‍රී ලංකාව

2019 ඔක්තෝම්බර් 30

FaLang translation system by Faboba