gov lk large

දැක්ම

කඩිනම් ආර්ථික සංවර්ධනයක් සඳහා අවශ්‍ය අන්තර්ජාතික දැනුම, ප්‍රවීණතාවන් සහ මූල්‍ය පහසුකම් සලසා දීම මගින් ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම. 

මෙහෙවර

රට තුල ණය තිරසාරත්වය දිගුකාලීනව පවත්වාගෙන යාමට උපකාරී වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා දරාගතහැකි පිරිවැයක් සහිතව හා අවම කොන්දේසිවලට යටත්ව විදේශ ආධාර/ මූල්‍ය පහසුකම් යෙදවීම.

අරමුණු

  • සංවර්ධන ව්‍යාපෘති හිතකර කොන්දේසි හා නියමයන් මත අවම පිරිවැයකින් හා අඩු අවදානමකින් යුතුව මුල්‍යයනය කිරීම විදේශ මූල්‍ය සම්පත් ඒකරාශි කිරීම.
  • විදේශ සම්පත් ඵලදායී අන්දමින් හා කාර්යක්ෂම ලෙස වැයයෝජනය කිරීමට පහසුවීම.
  • දිගුකාලින විදේශ ණය තිරසාරභාවයෙන් පවත්වා ගැනීමෙහිලා දායකවීම.
  • විදේශ පුහුණු අවස්ථා ඵලදායී ලෙස උපයෝගී කර ගැනීම තුලින් රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධනය සඳහා දායකවීම.
  • දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති වගකීම් සම්භාරය ඵලදායී මෙන්ම සාර්ථක ලෙස ඉටුකිරීම උදෙසා දෙපාර්තමේන්තුවේ හැකියාවන් තවදුරටත් සවිමත් කිරීම.

අපේ සාරධර්ම

  • සියළුම අණපනත්වලට අවනත වෙමින් හෘද සාක්ෂිකයට අනුකූලව කටයුතු කිරීම, ඉතා උසස් මට්ටමේ යහපාලනය, විනිවිදභාවය හා අනාවරණය පිළිබඳ ප්‍රතිපත්තීන් පිළිපදිමින් ආචාරශීලිව කටයුතු කිරීම.
  • උසස් මට්ටමේ පුද්ගල එකමුතුභාවයට අනුකූලතායක් දක්වමින් පෞද්ගලික අභිලාෂයන්ට වඩා දොපර්තෙමේනතුවේ අභිලාෂයන්ට ප්‍රමුඛස්ථානය දීම.
  • කර්ය මණ්ඩලයට ස්වකීය උපරිම කාර්යසාධන මට්ටම කරා ළඟාවීමට හැකිවන පරිදි සහ එම කාර්ය ප්‍රදර්ශනය කිරීමට හැකිවන ලෙස අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා විශ්වාසයෙන් කටයුතු කළහැකි පරිසරයක් බිහි කිරීම.
  • සත්‍ය හා සාධාරණවූත්, ගණුදෙනු තුළින් සංවර්ධනය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වවකරුවන් සමඟ දිගුකලීන යහපත් සබඳතා ප්‍රවර්ධනය කිරීම.
  • සෑම මට්ටමකට කාර්ය මන්ඩලය සවිබලකරණය හා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීම අවම කිරීම තුළින් ස්වකීය රාජකාරි සම්බන්ධව වගකිව යුතු බව ඒත්තු ගැන්වීම.
FaLang translation system by Faboba