gov lk large

ආදායම් පාලක (Controller of Revenue) යටතේ ක්‍රියාත්මක වූ අනු ආයතනයක් ලෙස ක්‍රිස්තු වර්ෂ 1806 දී භාණ්ඩාගාරය ස්ථාපිත කරන ලදි. වර්ෂ 1948 දී භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලදි. මෙම කාලපරිච්ඡේදය තුළදී භාණ්ඩාගාරයේ කාර්යයන්, පොදු පරිපාලන, අයවැය, ගිණුම් සහ පියවීම්, මූල්‍ය, ආර්ථික කටයුතු, මූල්‍ය ප්‍රතිපත්ති, විදේශ සම්පත්, රාජ්‍ය ව්‍යාපාර, සන්නිවේදන, අභ්‍යන්තර විගණන සහ විමර්ශන, ප්‍රසම්පාදන සහ උපදේශක සේවා, සහ රක්ෂණ යන අංශ කිහිපයක් මඟින් ක්‍රියාත්මක කරන ලදී. විදේශ සම්පත් සංවිධානය කිරීමේ සහ ඒකරාශී කිරීමේ වගකීම විදේශ සම්පත් අංශය වෙත පැවරී තිබුණි.


භාණ්ඩාගාරය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, 1993 වසරේ ජනවාරී 01 දින සිට භාණ්ඩාගාරයේ පැවති අංශයන් දෙපාර්තමේන්තු මට්ටමට උසස් කෙරිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විදේශ සම්පත් අංශය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව බවට උසස් කෙරිනි. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු යටතේ පාලනය කරනු ලබන අතර, ඔහුගේ කර්තව්‍යයන් ඉටු කිරිම සඳහා අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු, සහකාර අධ්‍යක්ෂවරු මෙන්ම අනෙකුත් සහාය කාර්යමණ්ඩලයන්ගේ දායකත්වය ලැබෙනු ඇත.

FaLang translation system by Faboba