gov lk large

  • සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම.
  • එක් එක් සංවර්ධන පාර්ශ්වකරුවන් වාර්ෂිකව ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට නියමිත විදේශ මූල්‍යයන්ට අදාළ වැඩසටහන්වල ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම
  • විදේශාධාර ලබාදෙන විදේශිය දූත කණ්ඩායම්වල ක්‍රියාකාරකම් තත්ත්ව ගවේෂී අදියරේ සිට ඇගයිම් අදියර දක්වා සම්බන්ධීකරණය කිරීම.
  • විදේශ ආධාර පිළිබඳ සම්මුති සාකච්ඡා පැවැත්වීම හා ණය/ප්‍රදාන ගිවිසුම් අත්සන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම සහ එම ගිවිසුම බලාත්මක කිරීම සඳහා පහත කාර්යයන් වල නිරත වීම.
  • සංවර්ධන පාර්ශ්වකරුවන් හා ණය දෙනුලබන නියෝජිතායතන සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීම.
    • ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් රජයේ අනුමැතිය හා අධිකාරි බලය ලබා ගැනීම්‍
    • ක්‍රියාත්මක නියෝජිතායතන සමඟ උප ණය ගිවිසුම් අත්සන් කිරීම.
    • ණය ගිවිසුම් බලාත්මක වීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම
    • විදේශීය ණය/ප්‍රදාන මඟින් මුල්‍යයනය කරනු ලබන ව්‍යාපෘතින්හි ක්‍රියාකාරිත්වය සොයා බැලීම සඳහා පහත ක්‍රියාකාරකම්වල නිරත වීම
  • සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ සමාලෝචන දූත කණ්ඩායම්වල කටයුතු සම්බන්ධීකරණය හා නිර්දේශිත පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීම.
    • විදේශීය මුල්‍යයනය මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය සදහා රේඛීය අමාත්‍යාංශ මඟින් පිහිටුවා ඇති මෙහෙයුම් කමිටු සඳහා සහභාගිවීම හා සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ එකතුව ව්‍යාපෘති ක්‍රියාත්මකවීම පිළිබඳ ප්‍රගති සමාලෝචන කටයුතු සිදු කිරීම.
    • තාක්ෂණික සහයෝගිතා වැඩසටහන යටතේ සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන විදේශ පුහුණු අවස්ථා කළමනාකරණය කිරීම.
    • රජයේ විදේශීය ණය පිළිබඳ දත්ත ගබඩාව කළමනාකරණය .
  • රේඛීය අමාත්‍යාංශ, භාණ්ඩාගාරය, මහ බැංකුව හා කේවල ව්‍යාපෘති කාර්යාල යනාදි ණය උපයෝජනයට අදාළ විවිධ ආයතන සඳහා විදේශ ණය හා ප්‍රදානයන්හි එකඟතා, උපයෝජනය සහ ආපසු ගෙවීම් පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම.
  • විදේශීය ණය සේවාකරණය සම්බන්ධයෙන් රාජ්‍ය ණය අධිකාරී, මහ බැංකුව වෙත අවශ්‍ය තොරතුරු ලබාදීම.
  • සංවර්ධන ව්‍යාපෘති සදහා අවශ්‍ය දේශීය බැංකු මූල්‍ය සම්පත් ඒකරාශී කිරීම
  • සියලු විදේශීය මුල්‍යයන ව්‍යාපෘතිවලට අදාළව, රජයේ වාර්ෂික අයවැය සකස් කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම.

 

FaLang translation system by Faboba