gov lk large

ණය එකඟතා 2018.01.01-2018.12.31

ප්‍රදාන එකඟතා 2018.01.01-2018.12.31

රාජ්‍ය ව්‍යාපාර එකඟතා 2018.01.01-2018.12.31

ණය සහ ප්‍රදාන එකඟතා 2019

 විදේශ මූල්‍යයන එකඟතා 2019

 පසුගිය දශක 5ක පමණ සිට, අධිවේගී මාර්ග, වරාය හා ගුවන් තොටුපොළ, විදුලිබල හා ජල සම්පාදනය යන අංශවල විශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයනය සඳහා රජය විසින් විදේශ අරමුදල් ප්‍රධාන වශයෙන් යොදාගන්නා ලදී. කෙසේ වුවද පසුගිය දශකයේ සිට දේශීය හා විදේශීය වෙළෙඳපොළ හා ආර්ථික තත්ත්වයන් මෙන්ම රටේ ඒක පුද්ගල අදායම ඉහළ යාමෙන් සහනදායී විදේශ මූල්‍යයන සම්පාදනය සඳහා වූ අවස්ථා අවම වීම හේතුවෙන් වාර්ෂික රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා මූල්‍ය සම්පාදනයේ දී රජය සාම්ප්‍රදායික සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ සහයෝගය පෙර පරිදි ම රඳවා ගනිමින් හා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වැනි නව සංවර්ධන පාර්ශ්වකරුවන් වෙත ද ප්‍රවේශ වෙමින් විදේශිය ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත වැඩි වශයෙන් ප්‍රවිශ්ට විය.

රාජ්‍ය ආයෝජන වැඩසටහන සඳහා අවශ්‍ය විදේශ මූල්‍යයනය සම්පාදනය කිරීම වෙනුවෙන් රජය විවිධ විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන් හා ණය දෙන ආයතන සමඟ 2019වර්ෂයේ ජනවාරි 1සිට දෙසැම්බර් 31දක්වා විදේශ මූල්‍යයන නිල සංවර්ධන සහයෝගීතා එකඟතා ගිවිසුම් හතලිස් එකක් (41) මගින් ඇ.එ.ජ.ඩො. මිලියන 3,378.8 ක එකඟතා ඇතිකරගෙන ඇත. මෙයින් ඇ.එ.ජ.ඩො. මිලියන 3,312.5 ක් ණය ගිවිසුම් අනුව මූල්‍යයනය වන අතර, ඉතිරි ඇ.එ.ජ.ඩො. මිලියන 66.3 ක ප්‍රමාණය ප්‍රදාන එකඟතා අනුව මූල්‍යයනය වේ.

මෙම කාලච්ඡේදයතුළ ඇතිකරගත් එකඟතාවලින් ඉහළම ප්‍රමාණය වන ඇ.එ.ජ.ඩො. මිලියන 1,061.7ක් චීනයවිසින්ලබා දී ඇති අතර, අනතුරුව පිළිවෙළින් ආසියානු සංවර්ධන බැංකුව (ඇ.එ.ජ.ඩො. මිලියන 765.0), ලෝක බැංකුව (ඇ.එ.ජ.ඩො. මිලියන 421.8), ජපානය (ඇ.එ.ජ.ඩො. මිලියන 282.2), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (ඇ.එ.ජ.ඩො. මිලියන 280.0), එක්සත් රාජධානිය (ඇ.එ.ජ.ඩො. මිලියන 143.9), නෙද(ර්)ලන්තය(ඇ.එ.ජ.ඩො. මිලියන 128.2), ප්‍රංශය (ඇ.එ.ජ.ඩො. මිලියන 84.9), හංගේරියාව (ඇ.එ.ජ.ඩො. මිලියන 58.0), සෞදි අරමුදල (ඇ.එ.ජ.ඩො. මිලියන 50.0), යුරෝපීය ප්‍රජාව (ඇ.එ.ජ.ඩො. මිලියන 43.9), ඔපෙක් අරමුදල (ඇ.එ.ජ.ඩො. මිලියන 40.0), ඔස්ටි්‍රයාව (ඇ.එ.ජ.ඩො. මිලියන 10.3), කොරියාව(ඇ.එ.ජ.ඩො. මිලියන 6.0), ජ(ර්)මනිය (ඇ.එ.ජ.ඩො. මිලියන 2.3) සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන (ඇ.එ.ජ.ඩො. මිලියන 0.6) යන සංවර්ධන පාර්ශ්වකරුවන් සමග ඇති කර ගෙන ඇත.

මෙම එකඟතාවන්ගෙන් ඉහළම ප්‍රමාණය මාර්ග සහ පාලම් අංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා සිදුවී ඇති අතර එය ඇ.එ.ජ.ඩො. මිලියන 1,301 ක් එනම් ආසන්න වශයෙන් සියයට 39ක් වේ. අනතුරුව ඉහළ ප්‍රමාණයක් පිළිවෙලින් ප්‍රවාහන (ඇ.එ.ජ.ඩො. මිලියන 731), සෞඛ්‍ය හා සමාජ සුබසාධනය(ඇ.එ.ජ.ඩො. මිලියන 345)සහ නිවාස හා නාගරික සංවර්ධනය (ඇ.එ.ජ.ඩො. මිලියන 335) යන අංශ යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති සඳහා එකඟතා පළකර ඇත.

 

විදේශ මූල්‍යයන එකඟතා 2020 අප්‍රේල් දක්වා

 රාජ්‍ය ආයෝජන වැඩසටහන සඳහා අවශ්‍ය විදේශ මූල්‍යයනයන් සම්පාදනය කිරීම වෙනුවෙන් රජය විවිධ විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන් හා ණය දෙන ආයතන සමග 2020 වර්ෂයේ ජනවාරි 1 සිට අප්‍රේල් 30 දක්වා විදේශ මූල්‍යයන එකඟතා ගිවිසුම් තුනක් මගින් එ.ජ.ඩොල(ර්) මිලියන 628.6ක එකඟතා ඇතිකරගෙන ඇත. මෙයින්  එ.ජ.ඩොල(ර්) මිලියන 500.0ක් අයවැය මූල්‍යකරණ සහාය සඳහා චීන සංවර්ධන බැංකුව විසින් ලබා දුුන් විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමකින් ද, ඉතිරි එ.ජ.ඩොල(ර්) මිලියන 128.6ක ප්‍රමාණය ලෝක බැංකුව මගින් මූල්‍යයනය වන කොවිඞ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය ද සමන්විත වේ. 2020 වර්ෂයේ පළමු කාර්තුවේ දී එකඟතා අත්සන් කිරීමේ ප්‍රගතිය සඳහා කොවිඞ් 19 ලෝක ව්‍යාප්ති වසංගත තත්ත්වය බලපාන ලදී

 

FaLang translation system by Faboba