gov lk large

පහත සඳහන් ජල ව්‍යාපෘති 2017 අගෝස්තු මාසයේදී අත්සන් තබන ලදී.

ව්‍යාපෘතියේ නම කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය
ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් මිලියන 54.8
ණය ලබාදෙන්නා චීන සංවර්ධන බැංකුව
ණය ගැණුම්කරු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
අත්සන් කළ දිනය 2017.08.21
අරමුණ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 45හිම ජනගහනයෙන් 50% ක් ආවරණය වන පරිදි නල ජලය සපයා දීම මඟින් සුරක්ෂිත පානීය ජලය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
ක්‍රියාත්මක කරනු ලබන ආයතනය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ව්‍යාපෘතියේ නම තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය
ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් මිලියන 102.5
ණය ලබාදෙන්නා චීන සංවර්ධන බැංකුව
ණය ගැණුම්කරු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
අත්සන් කළ දිනය 2017.08.21
අරමුණ තලාව, තඹුත්තේගම සහ ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරී කොට්ඨාස 42ක් සඳහා නල ජලය සපයාදීම මඟින් සුරක්ෂිත පානීය ජලය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
ක්‍රියාත්මක කරනු ලබන ආයතනය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ව්‍යාපෘතියේ නම ඇ.එ.ජ. ඩොලර් මිලියන 400 පහසුකම යටතේ ඉතිරි අරමුදල සඳහා වන ප්‍රමුඛ ජල සම්පාදන ව්‍යාපෘතිය
ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් මිලියන 242.66
ණය ලබාදෙන්නා චීන සංවර්ධන බැංකුව
ණය ගැණුම්කරු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
අත්සන් කළ දිනය 2017.08.30
අරමුණ මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම සදහා පහත සදහන් ජල සම්පාදන ව්‍යාපෘති 02 තෝරාගෙන ඇත.
  • වාලච්චේන ජල සැපයුම් ව්‍යාපෘතිය
  • බණ්ඩාරවෙල, දියතලාව සහ හපුතලේ ජල සැපයුම් ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කරනු ලබන ආයතනය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
FaLang translation system by Faboba